සංවර්ධන නිලධාරීන් ලෙස පත් කර ඇති උපාධිධාරීන් සඳහා ගුරු සේවයට එක්වීමේ තරග විභාගය තාවකාලිකව අත්හිටුවීමට මහාධිකරණය අද නියෝග කර තිබේ.
මහාධිකරණ විනිසුරුවරුන් වන විජිත් කේ මලල්කොඩ, ඒ.එච්.එම්.එන්.නවාස් සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද මෙම නියෝගය නිකුත් කළා.
උපාධිධාරී සංගමය ගොනු කළ පෙත්සම සලකා බැලීම අවසන් වනතුරු තරග විභාගය තාවකාලිකව අත්හිටුවීමට විනිසුරුවරු නියෝග කළහ.
සංවර්ධන නිලධාරීන් ලෙස අනුයුක්ත උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා තරග විභාගයක් පැවැත්වීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් මහාධිකරණයට පෙත්සම් 04ක් ගොනු කර තිබේ.
තරග විභාගයට අදාළ ගැසට් නිවේදනය නීති විරෝධී බවත් ඒ සඳහා කැබිනට් මණ්ඩලය නිසි තීන්දු තීරණ ගෙන නොමැති බවත් පෙත්සමෙන් පෙන්වා දී ඇත.
සංවර්ධන නිලධාරීන් ලෙස පත් වූ බොහෝ දෙනා පුරප්පාඩු ඇති පාසල්වල ගුරුවරුන් ලෙස අන්තර්ග්‍රහණය විය.
නමුත් ඔවුන්ට ගුරු පත්වීම් ලබාදී නැහැ.
මෙම නඩුවේදී සංවර්ධන නිලධාරීන් තරග විභාගය පදනම් කරගෙන ගුරුවරුන් ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබීම විශේෂත්වයක්.
මේ සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම් ඊයේ සහ අද මහාධිකරණයේදී සලකා බැලූ අතර, තරඟ විභාගය තාවකාලිකව අත්හිටුවීමට අද නියෝග කර තිබෙනවා.
Breaking News